BREAKING NEWS

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් කඩුවෙල පාසල් 10ක් වෙත ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල ලබාදෙයි…

කර්මාන්ත අමාත්ය සහ කඩුවෙල සංවර්ධන කමිටු සභාපති විමල් වීරවංශ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය හරහා කඩුවෙල ආසනයේ ක්රිකට් ක්රීඩා කරන පාසල් 10ක් සදහා අවශ්ය ක්රීඩා උපකරණ කට්ටල ලබාදීම අද (03) අමාත්යංශයේදී සිදු කෙරිණි.

දීර්ඝ කාලයක් පුරා එම පාසල්වලට අඩුපාඩුවක්ව පැවති ක්රිකට් ක්රීඩා උපකරණ පිළිබදව අමාත්යවරයා දැනුවත් කිරීමේ ප්රතිපලයක් ලෙස අමාත්යවරයාගේ මැදිහත්වීමෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය හරහා මෙම උපකරණ කට්ටල ලබාදෙන ලදි. ඒ අනුව කඩුවෙල ආසනයේ පාසල් වන කොතලාවල මහා විද්යාලය-කඩුවෙල, ශ්රී සුභූති ජාතික පාසල-බත්තරමුල්ල, රාහුල බාලිකා විද්යාලය-මාලඹේ, බෝමිරිය මධ්ය මහා විද්යාලය-කඩුවෙල, ආදර්ශ පිරිමි විද්යාලය-මාලඹේ, මහාමාත්ය විද්යාලය-අතුරුගිරිය, එම් ඩි එච් ජයවර්ධන විද්යාලය-බත්තරමුල්ල සහ මුනිදාස කුමාරතුංග විද්යාලය යන පාසල් වෙත මෙම ක්රීඩා උපකරණ කට්ටල ලබාදුනි.

සිය පාසල්වල අවම පහසුකම් යටතේ වුවද දක්ෂ ක්රිකට් ක්රීඩක, ක්රීඩිකාවන් පිරිසක් දැනටමත් නිර්මාණය වී ඇති බවත් ඔවුන්ගේ දක්ෂතා තවදුරටත් ඔප් නැංවීම පිණිස අවශ්ය ප්රමිතියෙන් යුතු ක්රීඩා උපකරණ කට්ටල ලබාදීම පිළිබද අමාත්යවරයාට සිය ස්තුතිය පුද කරන බවත් පැමිණි සිටි ක්රීඩක ක්රීඩිකාවෝ සහ ක්රීඩා භාර ආචාර්යවරු ප්රකාශ කළහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-02-03

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*