BREAKING NEWS

ඇමති විමල් යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ(IDB) නිලධාරීන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදලට…!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නිලධාරීන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදල සඳහා ලබාදීම අද (23) සිදුකෙරිණි.

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් මෙම මුදල් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලබාදුන්නේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් චමින්ද ජයසේන යන මහත්වරු සහභාගී වූහ.

About the Author

Leave a Reply

*