BREAKING NEWS

ඇමති විමල් යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් කෝටියක්..!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10ක් ලබා දීම අද (23) සිදුකෙරිණි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් මෙම මුදල් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලබාදුන්නේය.

මෙම අවස්ථාවට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති මුදිත විජේසිංහ, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් චමින්ද ජයසේන යන මහත්වරු සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*