BREAKING NEWS

ඇල්මිනියම් ඇලෝයි කුට්ටි අපනයන කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක්..

දේශීය ඇල්මිනියම් ඇලෝයි කුට්ටි අපනයනය කරණු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සහ කර්මාන්තකරුවෝ අතර සාකච්ජාවක් අද (04) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කර්මාන්තකරුවන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ජාව පැවැත්විය. දේශීය කර්මාන්තකරුවා රැකගැනීමේ අරමුණින් ඇල්මිනියම් ඇතුළු භාණ්ඩ රැසකට පනවා ඇති අපනයන තහනම පිළිබදව කර්මාන්තකරුවන් අමාත්යවරයාට සිය ස්තුතිය පුද කලේය. වසර 15 පුරා ඔවුන් කොතෙක් ඉල්ලීම් සිදුකලද ඉටු කර ගැනීමට නොහැකි වූ ඇල්මිනියම් ඇතුළු අබලි යකඩ අපනයන තහනම ක්රියාත්මක කිරීමට වත්මත් කර්මාන්ත අමාත්යවරයා ලෙස ගත් පියවර පිළිබදව ඔවුන්ගේ ස්තුතිය පුදකරන බව කර්මාන්තකරුවෝ අමාත්යවරයාට කියා සිටියේය. අපනයන සිමා කිරීම තුළින් ඇල්මිනියම් ඇලෝයි කුට්ටි ලෙස සකසා අපනයනය කරණු ලබන කර්මාන්තකරුවන් කිහිපදෙනෙක් මුහුණදී ඇති ගැටළුකාරී තත්වයට පිළියමක් ලබාදීමට අවශ්ය කටයුතු වෙනුවෙන් මෙම සාකච්ජාව පැවැත්විණි.

එහිදී අමාත්යවරයා කියා සිටියේ දේශීය කර්මාන්තකරුවන් කිසි ලෙසකින්වත් අපහසුතාවයට පත්වන තීරණ ගැනීමට තමන් කටයුතු නොකරන බවයි. ඉදිරියේදී නිසි පරික්ෂා කිරීම් වලින් අනතුරුව සියලු කර්මාන්තකරුවන්ට සාධාරණයක් වන පරිදි තීන්දු තීරණ ගැනීමට තමන් සුදානම් බවද අමාත්යවරයා කියා සිටියේය. ඇල්මිනියම් ඇලෝයි කුට්ටි ලෙස නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට අවශ්ය කටයුතු නිසි ක්රමවේදයන්ට අනුකුලව සිදුකරන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂක ජෙනරාල්තුමා, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්, දේශීය කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.03.04
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*