BREAKING NEWS

ඉංජිනේරු රෝහිත තිලකරත්නගේ ජය තහවුරු කිරීමට බදුල්ල දිස්ත්‍රික් කර්මාන්තකරුවෝ එක්වෙති!

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්රික්කයට ශ්රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යටතේ, පොහොට්ටුවෙන් අංක 11 න් තරගවදින රෝහිත තිලකරත්න මහතාගේ ජයග්රහණය පිණිස ඊයේ (04) බදුල්ල දිස්ත්රික්කයේ කර්මාන්තකරුවෝ සහ ව්යාපාරිකයෝ රැසක් මහියංගනය ශාන්ත ඉන්ජිනියරින් ආයතන පරිශ්රයට එක්ව සිටියහ.

බදුල්ල දිස්ත්රික් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති හා ශාන්ත ඉන්ජිනියරින් සමාගමේ අධිපති එම්.ඒ ශාන්ත ලාල් මහතා මෙම රැස්වීම සංවිධානය කොට තිබිණි.

රෝහිත තිලකරත්න මහතාගේ ජය තහවුරු කිරීම පිණිස ඊයේ බදුල්ල දිස්ත්රික්කයේ වැඩසටහන් රැසකට සහභාගී වූ ජානිපෙ නායක අමාත්ය විමල් වීරවංශ මහතා ද මේ රැස්වීමට ප්රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*