BREAKING NEWS

උත්තර ලංකා සභාගයේ විධායක සභාව මුල් වරට රැස්වෙයි!

උත්තර ලංකා සභාගයේ විධායක සභාව මුල් වරට රැස්වෙයි!

උත්තර ලංකා සභාගයේ විධායක සභාවේ පළමු රැස්වීම අද(18) සවස බොරැල්ල, රාජගිරියේ පිහිටි ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්ය ජී වීරසිංහ, ජාතික සංවිධායක, හිටපු අමාත්ය වාසුදේව නානායක්කාර, නියෝජ්ය සභාපතිවරු වන හිටපු අමාත්ය උදය ගම්මන්පිල සහ හිටපු අමාත්ය, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු නිලධාරි මණ්ඩලය, සියලු පක්ෂ නියෝජනය කරමින් තෝරාපත් කරනු ලැබ ඇති සෙසු විධායක සභිකවරු හා සභිකවරියෝ සහභාගී වී සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*