BREAKING NEWS

“උතුරු – නැඟෙනහිර දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දීමට විමල්ගෙන් දස වැදෑරුම් යෝජනාවලියක්! යෝජනාවලිය ජයග්‍රහණයෙන් පසු ජනපති ගෝඨාභයට!

“උතුරු – නැඟෙනහිර දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දීමට විමල්ගෙන් දස වැදෑරුම් යෝජනාවලියක්!
යෝජනාවලිය ජයග්‍රහණයෙන් පසු ජනපති ගෝඨාභයට!

උතුරු – නැඟෙනහිර දමිළ ජනතාව මුහුණ දී ඇති අභියෝග සහ ගැටළු හඳුනාගනිමින් ඒවා විසඳීමට ගතහැකි පියවර ඇතුළත් යෝජනාවලියක් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විසින් අන්තවාදය පිටු දකින, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය පිණිස කැප වී සිටින උතුරු නැඟෙනහිර දමිළ නායකයන් පිරිසකට පිළිගැන්වීය. මෙම කටයුත්ත අද (10) තලවතුගොඩ ග්‍රෑන්ඞ් මොනාක් හෝටලයේදී දෙපිරිස අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිදු කෙරිණි.

එම කටයුත්තෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක් වූ විමල් වීරවංශ මහතා පැවසුවේ ඉහත යෝජනාවලිය මගින් උතුරු – නැඟෙනහිර ජනතාවට සාධාරණය ඉටුකර දීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන් වහාම ඔහුට පිළිගන්වන බවත්ය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මෙම මාධ්‍ය හමුව සඳහා මා සමඟ එක්ව සිට්න්නේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දමිළ සහෝදරවරු පිරිසක්. ඇතමුන් දේශපාලන පක්‍ෂයකට ඍජුව සම්බන්ධ නොවුණු විද්වත් වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්. කිහිපදෙනෙකු සිටිනවා එම පළාත්වල කුඩා දේශපාලන පක්‍ෂ නියෝජනය කරන. මේ සියලුදෙනා අප හා එක්ව සිටින්නේ ස්වේච්ඡාවෙන් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කටයුතු කරමිනුයි. අප ටික කාලයකට පෙර සිට එම පිරිස සමඟ සංවාදයකට යොමුව සිටිනවා, ‘අනාගත පාලනය යටතේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දී සිටින අභියෝග හා ගැටළු විසඳන්නේ කෙසේද?’ යන්න පිළිබඳවයි.

ගෝඨාභය රාජපක්‍ෂයන් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන්නේ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ කිසිදු ජාතිවාදී කණ්ඩායමක සහයෝගය නොමැතිවයි. දැන් බලන්න ජාතික හෙළ උරුමය වැනි අන්තවාදී පක්‍ෂත්, රිෂාඞ් බදියුදින්ලාගේ පක්‍ෂයත්, දෙමළ ජාතික සන්ධානයේ බලගතු පාර්ශ්වයකුත් අද එක්ව සිටින්නේ සජිත් ප්‍රේමදාසගේ කඳවුරෙයි. ඔහුගේ කඳවුරට සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලු ජාතිකත්වයන්ට අයත් ජාතිවාදී, අන්තවාදී කොටස් අද එක්ව සිටිනවා.

ඒ නිසා අද සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයන් තුළ ඉහත අන්තවාදී නායකත්වයන් ප්‍රතික්ෂේප වෙමින් නව නායකත්වයන් ගොඩනැගෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගොඩනැඟෙන එවැනි ජාතිවාදය හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන නව නායකත්වයන් හඳුනාගනිමින් අනාගත පාලනයකදී එම ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇති ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගැටළු විසඳාදීම අපේ මූලික අපේක්ෂාවක් නිසාත් ගෝඨාභය රාජපක්‍ෂයන් ලබන ජයග්‍රහණය දමිළ හා මුස්ලිම් ජන සමාජයන්ගේ ද පූර්ණ ආශිර්වාදය සහිතව සිදු විය යුතු එකක් ලෙස අප විශ්වාස කරන නිසාත් මෙවැනි එකමුතුවක් ගොඩනැඟී තිබෙනවා. ලක්මාතාවගේ සියලු දූ දරුවන්ගේ ජනාධිපතිවරයකු බිහි විය යුතුයි.

‘සැකයෙන් බලන යුගය අවසන් කළ යුතුයි’

අපි බැහැර කරන්නේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් අන්තවාදයට කිරි පොවන දේශපාලනඥයන් පමණයි. එහෙම නැතිව මේ ජන කොටස් අතර සමගිය ගොඩනඟන්න, ඔවුන්ගේ තිබෙන සැබෑ දුක් ගැනවිලි මොනවාදැයි විමසා බැලීමට අප පැකිලෙන්නේ නැහැ. 30 අවුරුදු යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනය උතුරු – නැඟෙනහිර ජනතාවගේ ජීවිත නඟාසිටුවීම සඳහා විවිධ පියවර ගනු ලැබුවා. දකුණේ වගේම එදා උතුරු – නැගෙනහිර පළාත්වලත් සංවර්ධන කටයුතු සිදු වුණා. නමුත් දකුණේ වගේම ගෙවී ගිය වසර හතරහමාර තුළ උතුරු – නැඟෙනහිරත් කිසිදු සංවර්ධන ක්‍රියාදාමයක් සිදුව නැහැ. තරුණ තරුණියන්ට රැකියා ලැබී නැහැ. කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසට තමන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට වැඩපිළිවෙළක් නැහැ. ඉන්දීය ධීවරයෝ විසින් අපේ ධීවර සම්පත කොල්ලකමින් සිටිනවා.

එනිසා අපි එකිනෙකා දෙස සැකයෙන් බලන යුගය අවසන් කළ යුතුයි. අපි සියලුදෙනා මිත්‍රයන්, සහෝදරයන් සේ සලකා කටයුතු කළ යුතුයි. නිදසුනක් ලෙස අපි එකිනෙකාට එකතු වී කළ හැකි වැඩ සියයක් ඇති. එක් වී කළ නොහැකි වැඩ 05ක් ඇති. ඉතිං අපි අර එක්ව කළ නොහැකි වැඩ 05 ගැන වාද විවාද කරන අතරතුර එක්ව කළ හැකි වැඩ 100 අවසන් කිරීමට මේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කැප විය යුතුයි. මෙහිදී අපි විශේෂයෙන්ම උතුරු – නැඟෙනහිර දමිළ ජනතාවට කියනවා, ඔබ වෙනුවෙන් කළ හැකි වැඩ සියල්ල කිරීමට අපි ඉදිරියේදී කැප වන බව.

අපි අපේ පැත්තෙන් මේ සහෝදරවරුන්ට යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා. එම යෝජනාවලිය මගින් උතුරු – නැඟෙනහිර දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දීමට හැකි වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපි මෙසේ සමීපව සාකච්ඡා කරමින් ඉදිරියට යනවිට ඔවුන්ගේ ගැටළු හා අභියෝග අපට වඩාත් හොඳින් වටහා ගැනීමට හැකි වේවි කියා අපි විශ්වාස කරනවා. අපි භේද වෙලා එකිනෙකා දෙස සැකයෙන් බැලූ යුගය අවසන් කරමු. අපි එකමුතු වෙමු. ගෝඨාභය රාජපක්ෂයන්ගෙන් බිහි වන ආණ්ඩුව, යුද ගැටුමකින් පසුව අලුතින් හුස්ම ගැනීමට බලා සිටින උතුරේ හා නැඟෙනහිර ජන සමාජයට අවශ්‍ය කරන අපේක්ෂාවන් සඵල කරන ආණ්ඩුවක් බවට පත් කරමු”

මෙම මාධ්‍ය හමුවේ දී ඉන්ජිනේරු වෘත්තික පද්මනාදන් තයාබරන්, ඉලවර් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන මණඩල සභික පී. එල්. රිචඞ්, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක එස්. විෂ්ණුකාන්තන් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019 /11/10

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Champa Reply

    පව්කාරය, අන්න ඔයාගේ ජාතියේ බලකනුව ගෙවල් ගානේ මස් කඩ අරින්න සල්ලි දෙනවා කියලා චන්ද පොරොන්දුවක් දීල. රනිල්ලා ගෙවල් ගානේ බාර් අරින්න යනවා කිව්වහම ලංකාව දෙවනත් වෙන්න කැහගහපු මිනිස්සු දැන් මොකොද කියන්නේ ගෝඨාභය ගෙවල් ගානේ මස් කඩ අරින්න තාක්ෂණික සහ මූල්‍ය ආධාර දෙනව කිව්වහම? එවන්නද කඹයකුයි බෙල්ලේ ගැට ගහගන්න ලොකු කළුගලකුයි? කිව්වේ නම් කොහොමද ගෝඨාභය ජනාධිපති නොවුනොත් රට ජාතිය බුද්ධාගම ඉවරයි කිව්වා. අඩු ගානේ තමන්ගේ උගුරේ ලේ රහ වෙනතුරු වේදිකාවල කැහගහල promote කරපු මිනිහගේ ප්‍රතිපත්තිවත් දන්නේ නැහැ. වහල්ලු ඔක්කොම.

  2. Champa Reply

    මම කවුර්වත් කියන එක විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මම ඕනේ එකක් මමම හොයල බලනව. මම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල සහ ඉංග්‍රීසි දෙකම කියැව්ව.
    ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “මස් සහ බිත්තර අපනයන කර්මාන්තයක්” ලෙස කියන තැන ඒකේ කියල තියෙන අන්තිම එක බලන්න – “ගෘහශ්‍රිත වස විසෙන් තොර මස් විකිණීම සඳහා මූල්‍ය සහ තාක්ෂණික ආධාර දෙනු ලැබේ” – කියල පැහැදිලිවම ලියල තියෙනවා.
    හත් දෙයි හාමුදුරුවනේ, අපනයනය කරන්න නම් මොන තරම් හරක් කුකුලෝ එළුවෝ තව කැලේ සත්තු මරයිද? අලිත් මරයි නේද මස් වලට? හේ……. ඇත්තටම අර අලි හත් දෙනා මැරුවේ කවුරු කියලද දැන් හිතෙන්නේ?

  3. Champa Reply

    kkkkkkkkkkkkkk විමල්ගේ සියලු චන්ද රැස්වීම වල ඒ කියන්නේ 2015 පටන් සියලු චන්ද රැස්වීම වල තිබ්බ ජනප්‍රියතම වචනයක් තමයි කූඨ ලේඛන. මේ පාරත් අන්තිමට හරි ඒ වචනේ එලියට ආව.

  4. Champa Reply

    කිසි ප්‍රබෝධයක් නැහැ මිනිස්සුන්ගේ මූණු වල. ඒ මොකොද?

  5. Champa Reply

    හරි දැන් පොරොන්දු වෙච්ච විදිහට මහින්දව අගමැති කරන්න. ගෝඨාභයගේ පලවෙනි රාජකාරිය වෙන්න ඕනේ ඒක.
    එතකොට මහින්දට පුළුවන් හෙටම දිව්රුම් දෙන්න අගමැති විදිහට. අපි අවුරුද 5ක් කට්ට කෑවෙ ගෝඨාභය වෙනුවෙන් නෙමෙයි මහින්ද වෙනුවෙන්. ඒක හොඳට මතක තියා ගන්න.

  6. Champa Reply

    එකම දේමයි පේන්නේ මෙතැනත්. කිසි ප්‍රබෝධයක් නැහැ මුහුණු වල. ඔහොමද අප්පා යහපාලනය ගෙදර යැව්වහම මොන තරම් සතුටක් මූණු වල තියෙන්න ඕනෙද? බොරු ප්ලාස්ටික් හිනාවල් ගැන නෙමෙයි මේ කියන්නේ. වහල් ආණ්ඩුව ගෙදර යැව්වට හද පතුලින්ම දැනෙන සතුට මූණු වලින් පිටාර ගලන්න එපෑය. මේක හරියට “යහපාලනය ගෙදර යැව්වා තමයි හැබැයි අපි බලයට ගෙනාපු මිනිහ අපේ හරිම තේරීමද” වගේ නිකම් විචිකිච්චාවක් තියෙනව වගෙයි පේන්නේ මූණු වල.

  7. Champa Reply

    මහින්දට දැන් අගමැතිකම ලැබෙනවට මම කැමතියි. දැන්. කවදහරි මහින්දගෙන් පස්සේ අගමැතිකම යන්නේ කාටද? බැසිල්ට. දැනටම මහින්ගේ වචනෙට සැලකීමක් නැහැ. මහින්දව පාවිච්චි කරන්නේ චන්ද වලට විතරයි. ඊට පස්සේ මහින්දගෙන් පස්සේ එන්නේ බැසිල්. ඒ කියන්නේ රටේ ජනාධිපති සහ අගමැති දෙන්නම මම අකමැති මිනිස්සු. ඇමරිකන් ගැත්තෝ. මහ මැතිවරණෙ වෙනකම් මේ ගොල්ලෝ හොඳට ඉඳියි. ඊට පස්සේ කාටවත් කිට්ටු වෙන්නවත් බැරි වෙනවා. මතකනේ ඉස්සර. මට ලියන්න නිදහස තියෙන්නේත් මහ මැතිවරණෙ වෙනකම් විතරයි. ඊටත් ඉස්සෙල්ල නැති වෙයිද දන්නෙත් නැහැ. මට මේ ගැන නොහිත බැහැ. ඊට පස්සේ ඊට පස්සේ මොකොද වෙන්නේ කියල මම හිතනවා.

Leave a Reply

*