BREAKING NEWS

උතුරේ තරුණ දූ දරුවන්ට වඩාත් සුබදායී අනාගතයක් හැදීමට තල් සංවර්ධන මණ්ඩලයට උපරිම සහයෝගය ලබා දීමට සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

තම අවුරුදු 42ක ඉතිහාසය තුළ ප්‍රථමවරට තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකිණීමට සහ එම භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු පවුල්වල දරුවන් ඇතුළු උතුරේ තරුණ දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් සම්පත්දායකයන් යොදා ගනිමින් තල් සංවර්ධන මණ්ඩලය ගෙන ඇති පියවර පැසසුම් ක‍ටයුතු බවත් එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට දිය හැකි සහයෝගය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ලබා දීමට තමන් සූදානම් බවත් විමල් වීරවංශ ‍මහතා පවසයි.

ඊයේ(09) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති තල් සංවර්ධන මණ්ඩලයේ වැඩසටහනකින් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

දකුණට පොල් ගස කප් රුකක් සේ උතුරට තල් ගස කප්රුකක් බවත් තල් ආශ්‍රිත නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරණය ඇරඹීම තුළින් ශක්තිමත් වන්නේ උතුරේ ජනතාවගේ ආර්ථිකය බව ද මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. එසේම උතුරේ දුවාදරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සඳහා පිවිසීමේ දී වැදගත් වන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් තිස් වසරක යුද්ධයේ අඳුරු මතකයන් තුළින් පටු වාසි ලබා ගැනීමට තවමත් තැත් කරන අන්තවාදී බලවේගවලට හසු නොවී තම අනාගතය සුබවාදීව වෙනස් කර ගැනීමට එම දුවා දරුවන්ට පහසු වනු ඇති බව ද අමාත්‍යාවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අන්තර්ජාල අලෙවිකරණ ආයතන නියෝජනය කරමින් රෙඩ්ස්ටෝන් පුද්ගලික සමාගමේ සහ ඉන්දීය අලෙවිකරණ ආයතනයේ ප්‍රධානීන් ද කාන්තා කළමනාකරණ ආයතනයේ හා බ්‍රිතාන්‍ය වරලත් පරිගණක සංසඳයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජිතයන් ද එක්ව සිටි අතර මෙම වැඩසටහන් සමායෝජනය තල් සංවර්ධන මණ්ඩල සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා විසින් සිදුකරන ලදී.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්‍ය ලේකම්,

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය.

2020.06.10

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*