BREAKING NEWS

උලපනේ කර්මාන්තපුරයේ ගැටළු පිළිබදව විශේෂ සාකච්ජාවක්…

මහනුවර දිස්ත්රික්කයේ උලපනේ ග්රාමය ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යනු ලබන උලපනේ කර්මාන්තපුරයේ ගැටළු පිළිබදව සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සහ මහනුවර දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී, කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්රධානත්වයෙන් කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්යවරයා කියා සිටියේ කර්මාන්තපුරයේ දැනට කටයුතු කරමින් සිටින කර්මාන්තකරුවන් හැරුණුකොට කර්මාන්ත නවතා ඇති කොටස් හදුනාගෙන ඒවා නව කර්මාන්ත ආයෝජකයින් වෙත ලබාදීම සුදුසු බව ය, ඒ ආයෝජකයන්ගේ ගුණාත්මකභාවය සලකා බලා සුදුසු නිර්ණායකයන්ට යටත්ව එම අවස්ථා ලබාදීමට කර්මාන්ත අමාත්යාංශය වශයෙන් මැදිහත් වන ලෙස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

කර්මාන්තපුරය ආශ්රිත රැකියා අවස්ථා ලබාදීමේ ගැටළු, බදු ගෙවීම් ප්රමාද වීමේ ගැටළු, පරිපාලනමය ගැටළු පිළිබදව මෙහිදී දීර්ඝ වංශයෙන් සාකච්ජා කෙරුණු අතර ඒවාට ඉක්මන් විසදුම් ලබාදීමට යෝජනා විය. විධිමත් ක්රමවේදයන්ට යටත්ව වඩා ඵලදායි කර්මාන්ත ක්ෂේත්ර හදුනා ගනිමින් ඒවා මෙම කර්මාන්තපුරය තුළට ගෙන ඒමට සුදුසු ආයෝජකයින්ට අවස්ථාව ලබාදී උලපනේ කර්මාන්තපුරය ක්රියාකාරීව පවත්වාගෙන යෑම සදහා අවශ්ය කටයුතු සිදුකරන ලෙස කර්මාන්ත අමාත්යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් දයා රත්නායක, කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්යක්ෂ වින්දික පියරත්න යන නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී විය.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-09-23
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*