BREAKING NEWS

“ඔබට ගෙයක් – රටට හෙටක්” හදන්න ඇමති විමල් එක් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රට පුරා දියත් කෙරෙන “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස සංවර්ධන ව්‍යාපෘතිය අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නව නිවාස දෙකකට මුල්ගල් තැබීමේ කටයුතු අද (29) දින සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය විමල් වීරවංශ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ, කඩුවෙල පුරපති බුද්ධික ජයලාල්, නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමනාකාරිනිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

About the Author

Leave a Reply

*