BREAKING NEWS

කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති ලෙස ඇමති විමල්ගෙන්ප් ‍රදේශයේ පදිංචි ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට හදිසි තීරණ රැසක්!

මෙම අවදානම් සහගත මොහොතේ කඩුවෙල ජනතාවගේ අවශ්‍යතා සහ අත්‍යවශය සේවා පිළිබද සොයා බලා ඊට කඩිනම් විසදුම් සැපයීමේ අරමුණෙන් කඩුවෙල සංවර්ධන කමිටු සභාපති, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කඩුවෙල නගරාධිපතිතුමන්, කොළඹ දිසාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමිය, නාගරික කොමසාරිස්තුමන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, පොලිස් ස්ථානාධිපතිතුමන්, සමුපකාර සභාපතිතුමන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හමුවක් අද (21) පැවැත්විණි.

මෙහිදී කඩුවෙල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පදිංචි ජනතාවගේ ඉදිරි ආහාර අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තීරණ කිහිපයක් ද ගනු ලැබීය.

1.කඩුවෙල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක බේකරි ආශ්‍රිතව ජංගම ආහාර අලෙවි කරන (චුන් පාන්) අලෙවි රථ සදහා හෙට සිට දිනකට දෙවරක් උදෑසන සහ සවස ජනතාව වෙත ගොස් අවශ්‍ය ආහාර අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම.
(එහිදී විශේෂයන් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව එම ආහාර අලෙවියේදී අදාළ වාහන, ආහාර දීම සදහා භාවිතා කරන උපකරණ නිසි ලෙස විෂබීජහරණය කොට සුරක්ෂිතව ආහාර රැගෙන යෑම, විකිණීම සහ රැගෙන යන්නන් මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා කිරීම මගින් ආහාර අලෙවි කිරීමට උපදෙස් ලබාදීමට නියමිතය)

2. කඩුවෙල ප්‍රදේශය තුළ ඉදිරියේදී ජංගම ප්‍රචාරක රථ මගින් නිවේදනය කරනු ලබන දුරකථන අංක තුනෙන් එකකට ඇමතුමක් ලබාදී සදුදා සිට ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය කඩුවෙල ප්‍රදේශයේ ඇති සමුපකාර මගින් සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙනැවිත් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම.
(මෙහිදී අදාළ වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම ගෙනවින් දීමෙන් පසු ඒ සදහා අදාළ මුදල් ගෙවීමේ හැකියාව ජනතාවට සලසා දීමට නියමිතය)

3. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා වියළි ආහාර මල්ලක් ලබාදීම.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*