BREAKING NEWS

කර්මාන්තකරුවන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ දී මුහුණපා ඇති ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහ ඇසුරුම් සමාගම්, ඇසුරුම්කරුවන්, ඇතුළු ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (25) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ඇසුරුම්කරණයට අදාළ නීතිමය පසුබිම සම්බන්ධ ගැටළු, බුද්ධිමය දේපළ ගැටළු, අසුරුම්කරුවන් මුහුණපා ඇති මුද්රණ ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. ඒ සදහා සෘජුව සම්බන්ධිත ආයතන වන පාරිභෝගික සේවා අධිකාරිය, බුද්ධිමය දේපල කාර්යාංශය, රාජ්ය භාෂා කොමිසම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය, සහ ඇසුරුම්කරණ ක්ෂේත්රයේ සංවිධාන එක්ව සිටිහ ය.

ඇසුරුම්කරණ සහ මුද්රණ ක්ෂේත්රයන් සදහා නව තාක්ෂණික මෙන්ම අන්තර්ජාතික ක්රම භාවිතා කිරීමේ ඇති වැදගත්කම පිළීබදව කර්මාන්ත අමාත්යවරයා කරුණු පැහැදිලි කළේය. සියලු ආයතන එක්ව කර්මාන්තකරුවන්ට පහසු වන මෙම ගැටළු නිරාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේය. ඉදිරියේදී එම ගැටළු වලට විසදුම් ලබාදීමට අවශ්ය ගැසට් නිවේදන සකස් කිරීම සදහා තොරතුරු සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු ආයතන වෙත අමාත්යවරයා උපදෙස් ලබා දුන්නේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*