BREAKING NEWS

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා වාණිජ මණ්ඩලයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් ඇගයෙයි…

කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර, ව්යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය ඊයේ (23) සවස කොළඹ කිංස්බරි හෝටලයේ දී ඇගයුම් උළෙලක් සංවිධානය කිරීමට කටයුතු කර තිබිණි.

විෂය භාර අමාත්ය විමල් වීරවංශ මහතා විසින් ගෙවී ගිය කාලය තුළ කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි ගමන වෙනුවෙන් ගනු ලැබූ ක්රියාමාර්ග ඇගයීමට ලක් කරමින් පැවති මෙම උළෙලේ දී ව්යවසාය සංවර්ධනය වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාදක බලකායක් පිහිටුවීමට පියවර ගැනීම, කර්මාන්ත සංවර්ධන බැංකුවන පිහිටුවීමට මේ වන විට ගෙන ඇති පියවර මෙන්ම ව්යවසායකයන් හා කර්මාන්තකරුවන්ට ණය ලබා ගැනීමේ දී මතුවන දුෂ්කරතා අවම කිරීම සඳහා රාජ්ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ඇප අරමදුලක් පිහිටුවීමට ගෙන ඇති පියවරයන් මසේ ඇගයීමට ලක් විය.

මෙම ඇගයීම් උළෙලට කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති, රොහාන් සිල්වා, මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සංජීව මොහොට්ටාලි යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*