BREAKING NEWS

කොරෝනා වසංගතයෙන් පසු පැනනැඟීමට නියමිත ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ජාතියක් ලෙස නැවත නැගිටීම සඳහා යෝජනා කෙරෙනජාතික නිදහස් පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුව…

කොරෝනා වසංගතයෙන් පසු පැනනැඟීමට නියමිත ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ජාතියක් ලෙස නැවත නැගිටීම සඳහා යෝජනා කෙරෙනජාතික නිදහස් පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුව…
2020 ජූනි 25 දින පස්වරු 3.30ට කොළඹ (තුම්මුල්ල හන්දීය අසල) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

එහිදී එම උපායමාර්ගික ප්‍රවේශය ගරුතර මහා සංඝරත්නය සහ ජාතික බලවේගයේ නායකයින් අභිමුව ජාතික නිදහස් පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුව විසින් සම්මත කිරීම සහ සමාජගත කිරීමට ද නියමිතව ඇත.

ජාතිය ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීමට යෝජනා කෙරෙන මෙම සමුළුවට ඔබගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමු..!

අමාත්‍ය විමල් වීරවංශ
නායක,
ජාතික නිදහස් පෙරමුණේ
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*