BREAKING NEWS

කොහු හා කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් නිෂ්පාදනවලට අගය එකතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 15 වන උපදේශක කමිටුව ලෙස කොහු හා කොහු ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (04) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

කොහු හා කොහු ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය මුහුණ පා ඇති අමුද්රව්ය අවම වීමේ ගැටළු, නිමි භාණ්ඩ අපනයනයේදී පවතින ගැටළු, බදු අයකිරීමේ පවතින ගැටළු, නව තාක්ෂණික ක්රම භාවිතා කිරීමේ වැදගත්කම සහ නව යන්ත්රසුත්රවල අවශ්යතාව පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. ඒවාට අවශ්ය විසදුම් ලබාගැනීම වෙනුවෙන් ඉදිරියේදී මෙම උපදේශක කමිටුව යොදාගන්නා ලෙස අමාත්යවරයා කර්මාන්තකරුවන් හමුවේ කියා සිටියේය. උපායමාර්ගික සැළැස්මකට අනුව යමින් කොහු හා කොහු ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය අගය එකතු කළ හැකි කර්මාන්ත ක්ෂේත්රයක් බවට පත්කර ගැනීමේ වැදගත්කම පිළිබදව අමාත්යවරයා පැමිණ සිටි කර්මාන්තකරුවන්ට කරුණු පැහැදිලි කළ අතර ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්යාංශය වශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, වැවිලි අමාත්යාංශය, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය යන රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ කොහු හා කොහු ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-03-04
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*