BREAKING NEWS

ඛනිජ වැලි කැණීම සහ අපනයනය පිළිබද අමාත්‍ය අනුකමිටුව රැස්වෙයි..!

ඛනිජ වැලි ගවේෂණය කිරීම, කැණීම සහ අපනයනය පිළිබදව ඉදිරි ක්රියාමාර්ග කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්ය අනු කමිටුව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා, වාරිමාර්ග අමාත්ය චමල් රාජපක්ෂ මැතිතුමා, ජල සම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මැතිතුමා සහ පරිසර අමාත්ය මහින්ද අමරවීර මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (07) වාරිමාර්ග අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ජාවේදී මෙරට භූගත ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම, බලපත්ර නිකුත් කිරීම සහ අපනයනය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. භූගත ඛනිජ සම්පත්වල පූර්ණ අයිතිය රටට ලබාගැනීමේ වැදගත්කම මෙන්ම ඒවා අමුද්රව්ය ලෙස අපනයනය නොකර අගය එකතු කොට අපනයනය කිරීමේ වැදගත්කම ද මෙම අනුකමිටුවේදී විශේෂ අවධානය යොමුකොට සාකච්ජාවට බදුන් විය.

මාධ්ය ඒකකය

කර්මාන්ත අමාත්යාංශය
2021.04.07
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*