BREAKING NEWS

ගැටලු රැසකට විසඳුම් ලබා දුන් තවත් කර්මාන්තකරුවන්ගේ දිනයක්…

සඳුදාට අමාත්යවරුන්ගේ “මහජන දිනය” යෙදීම හේතුවෙන් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (29) සිට පැවැත්වෙන්නේ සෑම අඟහරුවාදා දිනයකම උදේ 10.00 සිට සවස 1.00 දක්වා ය. එසේ වෙනසකට ලක්ව අද පැවැති කර්මාන්තකරුවන්ගේ දිනයට සිරිත් පරිදි මහා පරිමාණ කර්මාන්තකරුවෝ පමණක් නොව දිවයින පුරා විසිරී සිටින සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවෝ හා ව්යවසායකයෝ රැසක් ද පැමිණ සිටියහ.

දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ද පාවහන් නිෂ්පාදකයෝ, හස්ත කර්මාන්තකරුවෝ, ආහාර නිෂ්පාදකයෝ ඇතුළු බොහෝ පිරිස් ඒ අතර වූහ. ඔවුන්ගේ ගැටලු සඳහා, ‘කර්මාන්තකරුවන්ගේ දිනයට’ එක්ව සිටි විෂයගත රාජ්ය ආයතනයන්හි ප්රධානීන් සමඟ පිළිතුරු සෙවීමට අමාත්යවරයා කැපවී සිටියේ මෙසේය.

 

 

About the Author

Leave a Reply

*