BREAKING NEWS

‘චේ’ ශ්‍රී ලංකාවට සපැමිණ, වසර 61ක් සපිරුණු දා කියුබානු තානාපතිනිය සහ ජානිපෙ නායක ඇමති විමල් අතර හමුවක්!

අසහාය විප්ලවීය නායක එමෙන්ම සමාජවාදී කියුබාවේ ප්රථම කර්මාන්ත අමාත්ය ධුරය හෙබවූ චේ ගුවේරා සහෝදරයා ශ්රී ලංකාවට සපැමිණ අදට (2020 ඔක්තෝබර් 8) වසර හැටඑකක් සපිරුණු බවත් එවන් දිනයක තම රටෙහි ඉතා සමීප මිත්රයෙකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ශ්රී ලංකාවේ කර්මාන්ත අමාත්ය ධුරය දරමින් සිටියදී ඔහු හමුවීමට ලැබීම තම ඉමහත් සතුටට කරුණක් වූ බවත් ශ්රී ලංකාවේ කියුබානු තානාපතිනි, ජුවානා එලේනා රාමොස් රොඩ්රිගුවේස් මහත්මිය පැවසුවාය.

අද (08) කොල්ලුපිටිය, ගාලු පාර, 73/1, ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සමඟ පැවැති රාජ්යතාන්ත්රික සාකච්ඡාවේ දී ඒ මහත්මිය එසේ පැවසුවාය.

චේ ගුවේරා සහෝදරයා කියුබාවේ කර්මාන්ත ක්ෂේත්රය ගොඩනැඟීම සඳහා ඉටු කළ යුග මෙහෙවර බඳු යුග මෙහෙවරක් ශ්රී ලංකාව තුළ ඉටුකිරීමට විමල් වීරවංශ මහතාට ද හැකිවනු ඇති බවට කියුබානු තානාපතිනිය විශ්වාසය පළ කළාය.

ඇමරිකාව වැනි ලෝක බලවතුන් කොරෝනා වසංගතය හමුවේ අසරණව ඇති මොහොතක සමාජවාදී කියුබාව ඇමරිකානු අධිරාජ්යවාදීන්ගේ මුවවිටෙහි සිටිමින් ඊට සාර්ථකව මුහුණදීම පැසසුම් කටයුතු බව පැවසූ විමල් වීරවංශ මහතා ශ්රී ලංකාව ද කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීමට සමත්ව ඇති බව ද සඳහන් කළේය. තම රටේ ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් දේශීය නිෂ්පාදනයන්ට ඔවුන් යොමු කරවමින් චේ ගුවේරා සහෝදරයා කියුබාව තුළ කර්මාන්ත ක්ෂේත්රයෙහි සිදු කළ විප්ලවීය වෙනස තමන් අධ්යයනය කළ බව ද අමාත්යවරයා මෙහිදී පැවසුවේය. ශ්රී ලංකාවේ ද එවන් වෙනසකට පාර කැපීම තම අභිලාෂය බව පැවසූ වීරවංශ අමාත්යවරයා ඒ සඳහා සමාජවාදී කියුබාවෙන් මෙලෙස ලැබෙන දිරිගැන්වීම අගය කරන බවත් වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාවුල් ෆිගේරා, ශ්රී ලංකාවේ බ‌ොලිවේරියානු සහයෝගිතා ව්යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස හා ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති / අධ්යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*