BREAKING NEWS

‘ජනතා මුදල් – ජනතා යහපතට’ මාලඹේ අයි. ජෝතිපාල මාවත පුලුල්කර සංවර්ධනය කෙරේ

කඩුවෙල මහා නගර සභාව මගින් මාලඹේ අයි. ජෝතිපාල මාවත පුලුල්කර සංවර්ධනය කිරීමෙන් අනතුරුව අද (09) දින ජනතා අයිතියට පවරා දුනි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය.

විදේශ සබදතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් ප්දී‍රප් උදුගොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*