BREAKING NEWS

ජන පැතුම් ඉටු කළ මහජන දිනයක්!

ජාතික නිදහස් ‍පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බදාදා මහජන දිනය මහ මැතිවණයෙන් අනතුරුව අද (02) සුපුරුදු පරිදි 73/1, ගාලු පාර, කොළඹ 03 පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

උතුරු – නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සිව් දිගම නියෝජනය කරමින් විශාල ජනකායක් මෙම මහජන දිනයට පැමිණ සිටියේ තම ගැටලු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ය. ඒ අතර වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි දමිළ ජනතාව ද වූහ. ඔවුහු සිය ඉඩම් ගැටලු, ජීවනෝපාය පිළිබඳ ගැටලු මෙහි දී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළහ. විමල් වීරවංශ මහතා ඔවුන් සුහදව පිළිගෙන ඒ පිරිස සමග දීර්ඝ සංවාදයක යෙදෙමින් ඉදිරිපත් කළ ගැටලු අදාළ බලධාරීන් වෙත යොමු කරවා බොහෝ ගැටලුවලට ක්ෂණිකව විසඳුම් ලබා දීමට කටයුතු කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*