BREAKING NEWS

ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

උතුරේ දමිල ජනතාව මුහුණ දී ඇති ඉඩම් හිඟයට එකම පිළියම එම ප්රදේශයේ පවතින හමුදා කඳවුරු ඉවත් කිරීම බවට පෙන්වා දෙමින් ජාතිවාදී දේශපාලනඥයන් ගොඩනඟා ඇති ප්රබන්ධයට පිළිතුරු දෙමින් තල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාවට අයත් මන්නාරම ප්රදේශයේ ඉඩම් අක්කර 200ක් ගිවිසුම් මගින් උතුරේ තල් ගොවීන්ගේ සමිතිවලට ලබා දීම ඉහත ප්රබන්ධයට ඉතා හොඳ ප්රායෝගික පිළිතුරක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
අද (15) දින කජු සංස්ථාවට අයත් මන්නාරම ප්රදේශයේ අක්කර 200ක කජු වගාබිමක් යටි වගාවන් සඳහා තල් සංවර්ධන මණ්ඩලය හරහා උතුරේ තල් ගොවි සමිති වෙත ලබා දීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
අක්කර 200කින් මෙම කටයුත්ත ඇරඹුවත් ඉදිරියේ දී කජු සංස්ථාව සතුව තිබෙන උතුරේ අක්කර 6000ක කජු වගා බිම්වල උතුරේ ගොවීන් තල, මුං, කවුපි, ලුණු වගා කරනු දැකීම තම අපේක්ෂාව බව පැවසූ ඇමතිවරයා, ආරක්ෂාව හා බැඳුණු ඉඩම් වෙනුවට වෙනත් රාජ්ය ආයතන සතුව ඇති ඉඩම් මෙසේ උතුරේ ගොවි ජනතාවට ලබා දීම සැබෑ සංහිඳියාවට ඉමහත් රුකුලක් බව ද සඳහන් කළේය.
එසේම ආනයනය සීමා කිරීම නිසා හිඟයක් පවතින උඳු හා කහ වගාවන් කෙරෙහි උතුරේ ගොවි ජනතාව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ එකී වගාවන්ට ඉතා හොඳ ඉල්ලුමක් ලැබෙනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉහත අක්කර 200ක මන්නාරම, කොන්ඩච්චි ඉඩම තල් සංවර්ධන මණ්ඩලයේ ගොවි සමිති හා යාපනයේ ‘වරුණි’ ගොවි සමිතිය මගින් ජනතාවට බෙදාදීමට නියමිතය. මෙහි දී තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණාගාරය විසින් නිපදවා ඇති ‘තල් සීනි’ ඇතුළු තල් නිෂ්පාදන කිහිපයක් ජනගත කිරීම ද සිදුවිය.

ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්රිෂාන්ත පතිරාජ මහතා සහ කජු සංස්ථාවේ සභාපතිනී සාරංගා රත්නායක මහත්මිය විසින් සිදු කරන ලදී.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*