BREAKING NEWS

ජානිපෙ නායකයෝ ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනිති

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මෙවර මහ මැතිවරණයට තරඟ වඳින නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක, හිටපු මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක ජගත් ප්‍රියංකර යන මහත්වරු අද (02) දිනයේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්හ.

මෙම අවස්ථාවට දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මැතිතුමා ද එක්ව සිටියේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*