BREAKING NEWS

දෙවන අදියර යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ස්වදේශීක ව්‍යාවසායකයන් 25කට ‘Made in Sri Lanka’ සන්නාමය ප්‍රදානය කෙරේ…

සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය අනුව යමින් ස්වදේශීය ව්යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට අද(30) “Made in Sri Lanka සන්නාමය” පිරිනැමිණි.

ඒ සුවිශේෂ අවස්ථාව අද කොළඹ 02, හිල්ටන් රෙසිඩන්සිස් හෝටල් පරිශ්රය තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර, කර්මාන්ත අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු රාජ්ය නිලධාරීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.03.30
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*