BREAKING NEWS

දේශීය කහ (Turmeric) ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙයි..

දේශීය කහ (Turmeric) ආශ්රිත කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් කහ වගාකරුවන්, කහ කුඩු නිෂ්පාදකයින්, කහ ආශ්රිත නිෂ්පාදන සදහා අවශ්ය යන්ත්ර සුත්ර නිර්මාණය කරන නිර්මාණකරුවන්, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මැදිහත් කරගනිමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කල සාකච්ජාවක් අද (16) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ මූලිකත්වයෙන් කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විය.

කහ ආනයන සිමා කිරීම තුළින් දේශීය කහ වගාකරුවන්ට ලැබී ඇති වෙළදපොල අවස්ථාව පුළුල් කර ගනිමින් අතරමැදියන්ගෙන් තොරව කහ වගාකරුවන්ට සිය අස්වැන්න විකුණා ගැනීමට අවශ්ය පසුබිම සැකසීම සහ ඉදිරි අස්වැන්න ලබා ගැනීමෙන් පසු කහ මිල පාලනය කර ගනිමින් පවත්වාගෙන යෑම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. එහිදී අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ අතරමැදියන්ට වඩා කහ ගොවියන්ට වාසි සැලසෙන ලෙස ඔවුන්ගේ අස්වැන්නට මිලක් ලබාදීමට හැකි පසුබිම සකසන ලෙසයි. ඒ වෙනුවෙන් අදාළ ආයතන සහ නිලධාරින් ක්රමවත් වැඩපිළිවෙලක් සකසන ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදි.

කහ ආශ්රිත කර්මාන්තකරුවන්ට කහ තැම්බීම, වියලීම, කුඩු කිරීම ඇතුළු නිෂ්පාදනයට අවශ්ය තාක්ෂණික සහය සහ යන්ත්ර සුත්රවල අවශ්යතාවයද මෙහිදී සාකච්ජාවට බදුන් කෙරුණු අතර ඒ සදහා යන්ත්ර සුත්ර වලින් සහය ලබාදීමට තමන්ට ඇති හැකියාව පිලිබදව යන්ත්ර සුත්ර නිර්මාණකරුවෝ අදහස් දැක්වූ අතර සහන මිලට ඒවා නිර්මාණය කරදීමටද ඔවුන් පොරොන්දු විය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ලංකා කාර්මික මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පී.එල්.යූ රත්නමලල, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*