BREAKING NEWS

දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට නව ජීවයක් ලබා දෙමින් යළි ඇරඹුණු කර්මාන්ත අමාත්‍යවරයාගේ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’

කර්මාන්ත අමාත්යාංශ ඉතිහාසයේ මුල්වරට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුණු මහ මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නතර කළ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (24) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී යළි පැවැත්විණි.

එහිදී දේශීය කර්මාන්තකරුවන් සහ ව්යවසායකයන් රැසක් අමාත්ය විමල් වීරවංශ මහතා වෙත තමන් මුහුණ පා ඇති දුෂ්කරතා මෙන්ම තම කර්මාන්ත සංවර්ධනය පිණිස ලැබිය යුතු සහයෝගය ආදී කරුණු සෘජුව ඉදිරිපත් කළහ. මෙම අවස්ථාවට අමාත්යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන රැසක ප්රධානීහු සහභාගී වී සිටියහ.

YouTube Link – https://youtu.be/32GzPkAipb8

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*