BREAKING NEWS

“නවය; සැඟවුණු කතාව” ගැන විමල් සමග මාධ්‍ය ප්‍රධානීන් පුළුල් සංවාදයක

පසුගිය අඟහරුවාදා දින සවස “නවය; සැඟවුණු කතාව” කෘතිය පිළිබඳ හරවත් සංවාදයක් සඳහා පැමිණෙන ලෙස කෘතියේ කතුවරයා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසකට ඇරැයුම් කොට තිබිණි.

ඉහත ඇරයුම පිළිගනිමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

විමල් වීරවංශ මහතා එහිදී පැමිණි සිටි සැම පිළිගනිමින් පවසා සිටියේ කෘතිය පිළිබඳව දැනටමත් සමාජයෙහි මතුව ඇති කතිකාවත තවදුරටත් පුළුල් කිරීමට මෙම සංවාදය බෙහෙවින් දායක වනු ඇති බව ය. මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ගාමිණී වලේබොඩ හා උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*