— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
IMF ග්‍රීසියෙන් සමාව ගත්තා; මහ බැංකුව ස්වාධීන කිරීම කියන්නෙ රටේ අවුල වියවුලක් කිරීමයි – ජානිපෙ නායක විමල් වීරවංශ
“මහ බැංකුව ස්වාධීන කළොත් අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බෑ..” – ජානිපෙ නායක විමල් වීරවංශ
“IMF එකෙන් අහල හරි මට උත්තරයක් දෙන්න ; ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි?” – විමල් ජනපතිගෙන් අසයි
“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ
ඇමෙරිකාවෙන් සහතික ගත්ත ජවිපෙ දැන් හිතන්නෙ ඩොලර් ගැන විතරයි – ජානිපෙ නායක විමල් වීරවංශ
“සියත” මර්දනයට විමල්ගේ විරෝධය
ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වහන පනතට විමල් විරුද්ධ වෙයි
බල්ලො මරා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවාට පස්සෙ “යූ. බී. වන්නිනායකලා” වෙනුවට “ජොන්ස්ටන් ප්රනාන්දුලාට” දේශපාලන පිටියේ ඉඩ හැදුනා – -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ
ජේ.ආර්. ඉස්සුවේ ඡන්ද පෙට්ටි – බෑණා උස්සන්නෙ ඡන්දෙ
රට හදන්නෙ හොරු නායකයන් කරලද? විමල් ජවිපෙන් අසයි
නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!
Posted On
27 Jan 2020
By :
WW Media
Comment: 0
නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..!
– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ
නව නිපැයුම්වලට වෙළෙඳපොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන්ට් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසා දෙන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නව නිපැයුම් කොමිසම වෙනුවට එහි සීමාවන් අතික්‍රමණය කළ හැකි නව ආයතනයක් පිහිටුවීම සඳහා ඉදිරිපත්වූ වූ කැබිනට් පත්‍රිකාවට පසුගිය සතියේදී අනුමැතිය ලැබුණ බවත් එම නිසා නව නිපැයුම්කරුවන්ට මෙතෙක් පැවති බාධාවන් රැසක් ඉවත් වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කරනු ලැබුවේ පසුගියදා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන සභාව (IlVCC) නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නව නිපැයුම්කරුවන් මෙහිදී අමාත්‍යවරයා ඉදිරියේ සිය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නිපැයුම් ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.
ඔටිසම් දරුවන් වෙනුවෙන් නිපදවූ ‘හැරි පොටර්’ හිස්වැසුම, දියවැඩියා රෝගී පරික්ෂාව වෙනුවෙන් නිපදවූ මෘදුකාංග යෙදුම, කෙසෙල් ඇතුළු පලතුරු කෘතිමව ඉදවා ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ මෘදුකාංග යෙදුම (Carbide Detector) හා වකුගඩු රෝගය වැළැක්විය හැකි ජල පෙරනය ආදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණ ද ඒ අතර විය.
මීට අමතරව එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ව්‍යසායකත්ව සංවර්ධන ඒකකය (Entrepreneur Club) විසින් මේ වසර සදහා තෝරා ගනු ලැබූ හොඳම ශිෂ්‍ය ව්‍යවසායකයෝ දසදෙනා ද මෙහි දී සිය ව්‍යාපෘති ඉදිරිපත් කළහ.
එම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්ය පද්මලාල් මානගේ, ආචාර්ය ලංකා උදුගොඩ යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන
කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍යාංශය
2020-01-26
About the Author
Previous Story
NEDA හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් !
Next Story
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ඒකාබද්ධ සාකච්ඡාවක්…!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ