BREAKING NEWS

නිදහසට එරෙහි අභියෝග ජය ගැනුමට පෙරට එමු!

නිදහසට එරෙහි අභියෝග ජය ගැනුමට පෙරට එමු!

1815 දී බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ගේ පූර්ණ ග්රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්රිතාන්ය අධිරාජ්යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්වය වෙනස් වූයේ පළමු ජනරජ ව්යවස්ථාව ක්රියාත්මක වීම ඇරඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 73 කි.

1948 දී ලේ බිඳුවක් හෝ නොහෙළා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්යය එය නොවේ. 1818 ඌව – වෙල්ලස්ස නිදහස් අරගලය හෙවත් බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ට එරෙහිව පැන නැගි ප්රථම නිදහස් අරගලයේ දී වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ තිබේ. එසේම 1848 පැන නැගි දෙවැනි නිදහස් අරගලයේ දී ද වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක් ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වෙතින් ලද නිදහසක් බව අමතක නොකළ යුතුය.

මෙසේ බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වෙතින් නිදහස් කරගත් අපගේ ජාතික රාජ්යය යළි අපෙන් උදුරා ගැනීමේ මෙහෙයුමක් 1948 සිටම ක්රියාත්මකව තිබේ. සූක්ෂ්මව අධිරාජ්යවාදී බලවේග විසින් ගෙන යන එම මෙහෙයුම එදා මෙන් තුවක්කුවෙන් සිදු කරන්නක් නොවේ. එය ඉතා දියුණු උපක්රම, මෙවලම් යොදා ගනිමින් සිදු කරන්නකි. ඒ ක්රියාදාමය අපගේ ජාතික නිදහසට එරෙහි අභියෝගයන් ලෙස වරින් වර දෘෂ්යමාන වෙයි.

බෙදුම්වාදී, අන්තවාදී ප්රවණතාවන්, දේශීය නිෂ්පාදන ක්රියාවලිය බිඳ දමන ආර්ථික ඝාතක ප්රතිපත්ති හඳුන්වාදීම්, ආදිය එසේ දෘෂ්යමාන වන අපගේ ජාතික රාජ්යය දුර්වල කරන, පවතින නිදහසට එරෙහි අභියෝග ලෙස හඳුනා ගත යුතුය. අද (04) දින සැමරෙන මේ 73 වැනි නිදහස් දිනය වඩා අර්ථවත් වන්නේ ඉහත කී නිදහසට එරෙහි අභියෝග මැනවින් හඳුනා ගනිමින් ඒවා ජය ගැනුමට පෙළ ගැසීම තුළ ය. ඒ වෙනුවෙන් කැප වීමට ජාතියක් ලෙස අදිටන් කර ගැනීම තුළ ය.

විමල් වීරවංශ (පා.ම.)කර්මාන්ත අමාත්ය,නායක,ජාතික නිදහස් පෙරමුණ,2021.02.04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*