BREAKING NEWS

‘නිදහස් ජනතා සන්ධානය’ ජනගත වෙයි!

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් අද කොළඹ දී සන්ධානගත විය.

නිදහස් ජනතා සන්ධානය පිහිටුවීම සංකේතවත් කරමින් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අසංක නවරත්න, නිදහස් ජනතා පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා යන මහත්වරු සන්ධාන ගිවිසුම් පත්‍රයට අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව අමතා ජන ජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු අදහස් දැක්වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*