BREAKING NEWS

නීති ශේෂ්ත්‍රය බමුණු කුලේකට පමණක් සීමා කරන්න හදන්න එපා – විමල් නීති විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නැවතත් හඬ නගයි

නීති විද්‍යාලයේ සිසුන්ගේ ගාස්තු ඉහළ දැමීම මගින් නීති ශේෂ්ත්‍රය එක්තරා මබුණු කුලයකට පමණක් සීමා කිරීමට කටයුතු නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඒ අද (23) දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

නීති විද්‍යාල සිසුන්ගේ ගාස්තු අසධාරණ ලෙස ඉහළ දැමීමෙන් ගම්වල සිටින සාමාන්‍ය පවුල්වල සිසු දරුවන්ට නීති ශේෂ්ත්‍රයට පිවිසීමේ මාර්ගය අවහිරවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීට පෙරදී නීති විද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් විභාග සඳහා පෙනීසිටීම අනිවාර්යය කිරීම මගින් නීති ශේෂ්ත්‍රය බමුණු කුලේකට පමණක් සීමා කිරීමට ගත් උත්සාහය අද ගාස්තු ඉහළ දැමීම මගින් සිදු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවටයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*