BREAKING NEWS

පමුණුව ‍රෙදිපිළි අලෙවි කරන්නන්ගේ ගැටලුවට ඇමති විමල්ගෙන් කඩිනම් විසදුමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට තාවකාලිකව නවතා ඇති තම ව්‍යාපාර කටයුතු යළි ඇරඹීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී පිළිතුරක් ලැබුණු බවත් ඒ අනුව ලබන අගහරුවාදා අලුයම සිට තම ව්‍යාපාර කටයුතු ඇරඹීම සදහා අමාත්‍යවරයා අවශ්‍ය කටයුතු සලසා දුන් බවත් ඒ පිළිබදව අමාත්‍යවරයාට තම සංගමයේ ප්‍රණාමය පුද කර සිටින බවත් ‘පමුණුව අලුයම රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සහ අලෙවි කරන්නන්ගේ සංගමය’ පවසයි.

අද (22) කොල්ලුපිටිය, ගාලු පාර, 73/1 ස්ථානයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී ඉහත සංගමය සමග පැවැති සාකච්ඡාවකදී, ව්‍යාපාර ඇරඹීමේ දී අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තම ව්‍යාපාර කටයුතු ඇරඹීමට සූදානම් වන ලෙස ඒ පිරිසට පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන්ගේ අනුමැතිය කඩිනමින් ලබා දීමට ඒ මොහොතේම අවශ්‍ය පියවර ගත්තේය.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*