BREAKING NEWS

පළතුරු – එළවළු – වීදුරු භාණ්ඩ අසුරන්න පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි! දැඩි සත්කාර ඒකක Computer in Wheels උපාංගය තැනූ සොයුරන්ට ද අතහිත!

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ ඊට අයත් ජාතික කඩදාසි සමාගම, කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

අද (07) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති කර්මාන්තකරුවන්ගේ දිනයේ දී උදය ගුණරත්න මහතා තමන් හමු වී සිය නව නිපැයුම ප්‍රචලිත කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ දී ඒ මහතා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

එසේම මොරටුව DCreation ආයතනයේ හිමිකරු පසිඳු විදුෂාන් පෙරේරා මහතා ද තම ආයතනය විසින් නිෂ්පාදිත දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන මෙතෙක් පිටරටින් ආනයනය කළ Computer in Wheels නැමැති උපාංගය කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කිරීම ද අද කර්මාන්ත දිනයේ දී සිදු විය. ආනයනික මිලට වඩා ඉතා අඩු මුදලකට ‘Made in Sri Lanka’ වගකීම යටතේ දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙම උපාංගය අලෙවි කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉල්ලා සිටි නව නිපැයුම්කරු පසිඳු ලක්ෂාන් මහතාට විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඒ සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවය.

අද දිනයේ තමන්ගෙන් සිය කර්මාන්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හා සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සියලු කර්මාන්තකරුවන් කැඳවා ඔවුනට කඩිනමින් සහන සැලසීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*