BREAKING NEWS

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව වසර 15ක් පුරා අක්‍රීයව පැවති උපදේශක කමිටුව පිහිටුවීම කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ…

කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්ර 20 අවාරණය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 17 වන උපදේශක කමිටුව ලෙස වසර පහළොවක් පුරා ක්රියාත්මක නොවුනු ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (05) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙම උපදේශක කමිටු පිහිටුවීමේ අරමුණ අදාළ කර්මාන්ත ක්ෂේත්රයට අදාළ කෙටි කාලින සහ දීර්ඝ කාලින ප්රතිපත්ති සැකසීම සහ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසදමින් ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම බව පැමිණි සිටි කර්මාන්තකරුවන් අමතා අමාත්යවරයා කියා සිටියේය. ප්ලාස්ටික් කර්මාන්ත ක්ෂේත්රය මුහුණ දෙන බදු ආශ්රිත ගැටලු, ඇසුරුම්කරණය ආශ්රිත ගැටලු සහ නීති ගැටළු පිළිබදව කර්මාන්තකරුවන් අමාත්යවරයා දැනුවත් කල අතර ඒ වෙනුවෙන් අවශ්ය සහය සැළසීමට මෙම උපදේශක කමිටු ඉදිරියේදී යොදා ගන්න ලෙස අමාත්යවරයා පැවසිය. මෙම කර්මාන්ත ක්ෂේත්රයේ දියුණු කරනවාත් සමගම එම ක්ෂේත්රයේ කර්මාන්ත මගින් පරිසරයට වන බලපෑම අවම වන ලෙස කටයුතු කිරීමට කර්මාන්තකරුවන් හැකිතාක් යොමුවන ලෙසද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, පරිසර අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යන රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ ප්ලාස්ටික් ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-03-05
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*