BREAKING NEWS

“පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020” කර්මාන්ත ඇමතිගේ සුරතින් විවෘත වෙයි !

පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) දින පෙරවරු 10.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත විය. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන හා ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය පවත්වනු ලැබුවේ දොළොස්වන වරටය.
ඉහත සමාරම්භක අවස්ථාවට එක්ව සිටි තානාපතිවරු, රජයේ නිලධාරීන්, දෙස් විදෙස් ප්‍රදර්ශකයන් අමතා අමාත්‍ය විමල් වීරවංශ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන හා ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී නිමල්සිරි යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ
.පෙබරවාරි 7,8,9 යන තෙදින තුළ පෙරවරු 10 සිට පස්වරු 09 දක්වා ඉහත පරීශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

     

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*