BREAKING NEWS

පිටකොටුව රෙදිපිළි වෙළඳුන්ගේ එකමුතුවත් විමල්ගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත් කිරීමට එක්වෙයි!

ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර, ව්යවසාය සංවර්ධන හා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ මහ මැතිවරණ ජයග්රහණය විජයග්රහණයක් බවට පත් කෙරුමට මේ වන විට පටු වාද භේද දුරලා දෙමළ, මුස්ලිම් ප්රරජාව ද ඒකරාශී වෙමින් පවතින අතර ඒ අනුව, ඊයේ (23) සවස කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පිටකොටුව රෙදිපිළි වෙළඳුන්ගේ එකමුතුව විසින් ව්යාපාරික හමුවක් කැඳවා තිබිණි.

මෙම අවස්ථාවට එම ව්යාපාරික එකමුතුවෙහි සාමාජික පිරිස ද දර්ශන් ධර්මරාජ් ඇතුළු දමිල කලාකරුවෝ පිරිසක් ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*