BREAKING NEWS

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම ඛනිජ වැලි පිළිබඳ ගවේෂණ කටයුතු වෙනුවෙන් ලංකා ඛනිජ වැලි සමාගම වෙත වෙන්කර ගැනීම පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) පරිසර අමාත්‍යාංශය පිහිටි මිහිළක් මැඳුර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්යාංශය විසින් අමාත්ය මණ්ඩල සංදේශයක් මඟින් අරුවක්කාලු හුණුගල් නිධියේ ඛනිජ වැලි ගවේෂණය පුද්ගලික සමාගමකට නොදී ලංකා සිමෙන්ති සංස්ථාවට සහ ලංකා ඛනිජ වැලි සංස්ථාවට ලබාදෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමට අනුව අදාළ අනෙක් ආයතනවල නිර්දේශ ද සලකා බලමින් ඉදිරි කටයුතු සිදුකිරීම උදෙසා මෙම සාකච්ඡාව කැදවා තිබිණි. තවදුරටත් මේ පිළිබඳ සොයාබලා දේශීය සම්පත් දේශීයව අගය එකතුකර රටේ ආදායමට දායක කර ගැනීම අවසානයේ කර්මාන්ත අමාත්යාංශයේ අරමුණ බව අමාත්යවරයා අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති මුදිත විජේසිංහ, ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක, භූ විද්යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-04-01
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*