BREAKING NEWS

  පුල්මුඬේ සිට දඹුල්ලට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයන්න කර්මාන්ත ඇමති විමල්ගෙන් විද්වත් කමිටුවක්

පුල්මුඬේ සිට දඹුල්ලේ කණ්ඩලම පිහිටි පෞද්ගලික සමාගමකට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට ප්‍රාමාණික විද්වතුන් අනාවරණය කර ඇති කරුණු බෙහෙවින් බරපතළ වන බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා පහත සඳහන් විද්වතුන්ගෙන් හා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. මෙම කමිටුවේ සාමාජිකයන් මෙසේය.

මහාචාර්ය අතුල සේනාරත්න මහතා
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශය)

උදය සිල්වා මහතා
(ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යා අංශය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය)

මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා

එච්. එල්. අනිල් රංජිත් මහතා
(අධ්‍යක්ෂ ජනරාල්, න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව)

බී. කේ. එම්. ජේ. රුද්‍රිගු මහත්මිය
(ප්‍රධාන අභ්‍යන්තර විගණක, කර්මාන්ත අමාත්‍යාංශය)

ඉහත විද්වත් කමිටුව මගින් කෙටි කාලයක් තුළ අමාත්‍යවරයා වෙත නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා දෙන තුරු දඹුල්ල කණ්ඩලම පිහිටි ඉහත කී පෞද්ගලික සමාගමට, ලංකා ඛනිජ වැලි සමාගමේ පුල්මුඬේ යන්ත්‍රාගාරයෙන් බැහැර කරන ඛනිජ වැලි අපද්‍රව්‍ය නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍යවරයා දැනටමත් නියෝග කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව කඩිනමින් දැනුම්වත් කර ඉහත පෞද්ගලික ආයතනයට අයත් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පවතින ඛනිජ වැලි ගඩබා කිරීමේ හා පිරිපහදු කිරීමේ ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමට ද වීරවංශ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට අද (09) දින ලිඛිතව උපදෙස් දී තිබේ.

ඒ හා සමාගාමීව මේ පිළිබඳව ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගෙන් හදිසි වාර්තාවක් කැඳවීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන ඇත.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
2020.10.09

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*