BREAKING NEWS

පෙරදිග දේශපාලන විද්‍යායතනය විවෘත වෙයි!

ආසියා ප්‍රගති සංසදයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ පෙරදිග දේශපාලන විද්‍යායතනය බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී අද(16) විවෘත විය.

එම පෙරදිග දේශපාලන විද්‍යායතනය විවෘත කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට එක් වූ උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම කර්තව්‍යයට උණුසුම් සුබ පැතුම් එක් කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජනය කරමින් එහි නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-01-16

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*