BREAKING NEWS

“පොරොන්දුව සහ තීන්දුව” : විමල් – ගම්මන්පිල රට සුරකින ජනතා ප්‍රතිඥාවකට අත්සන් තබයි…!

සියලු ජාතිවාදී, අන්තවාදී බලවේග පරදවමින් ජාතික සම්පත් සුරකිමින්, දේශීය ආර්ථිකයක් මත පදනම්ව ඉදිරියේ බලයට පත්වන රජය මගින් ජනතා අපේක්ෂාවන් ඉටු කරන බවට අද (18) දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන මහත්වරුන් පස්වැදෑරුම් ප්‍රතිඥාවකට අත්සන් කරනු ලැබීය. මෙම ප්‍රතිඥාවට අත්සන් තැබීම බත්තරමුල්ල, පන්නිපිටිය, 123 /2 යන ස්ථානයේ පිහිටි විමල් වීරවංශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී මාධ්‍යවේදීන් ඉදිරිපිට සිදු කෙරිණි. එසේ අත්සන් තැබුණු පස් වැදෑරුම් ප්‍රතිඥාව පහත පරිදි වේ. ” පොරොන්දුව සහ තීන්දුව වර්ෂ 2020 ක් වූ ජූලි මස (18) වන අද දින ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් එහි නායක උදය ගම්මන්පිල මෙරට ගතානුගතික දේශපාලන ප්‍රවණතාවන් අතික්‍රමණය කරමින් නව රජයක් තුළ තම භුමිකාවේ සැබෑ ජනතා අපේක්ෂාවන් මෙලෙස සනිටුහන් කර තම අත්සනින් ජනගත කර සපථ කරන වගයි. 1. වහාබ් අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අපි, කිසිදු අවස්ථාවක වහබ්වාදී අන්තවාදීන් මත යැපෙන රජයක පාර්ශ්වකරුවන් නොවන බවට ප්‍රතිඥා දෙන්නෙමු. 2. මාතෘ භූමිය සහ ස්වෛරීත්වය රැක ගැනීම වෙනුවෙන් තම ජිවිත පරදුවට තබා ක්‍රියා කළ රණවිරුවන් ගෝලීය බෙදුම්වාදීන්ගෙන් රැක ගැනීමට එදා මෙන් අදත්, අද මෙන් හෙටත් ඇපකැප වී සිටින බවට ප්‍රතිඥා දෙන්නෙමු. 3. ඇමරිකානු බල ව්‍යාප්තවාදය සහ බටහිර අධිරාජ්‍යවාදය මෙරටට පැමිණෙන්නේ කුමන මුහුණුවරකින් වුවද එය වැළැක්වීම උදෙසා සටනට නායකත්වය දෙන බවට ප්‍රතිඥා දෙන්නෙමු. 4. උදාර මාතෘ භූමියක උපාය මාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සුරකිමින් ජාතියේ දූ පුතුන් ඉදිරියට රැගෙන ආ නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කරමින් ඔවුන් බල ගැන්වීම ඉදිරි රජයක කාර්යභාරයක් බවට පත්කිරීමට හැකි සියල්ල ඉටුකරන බවට ප්‍රතිඥා දෙන්නෙමු. 5. ප්‍රොඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක ප්‍රොඪ වර්තමානයක් සහ අනාගතයක් බිහි කරනුවස් දේශීයත්වයට පණදෙන අර්ථ ක්‍රමයක් මෙරට නැවත ස්ථාපනය කිරීමට නව ජයක් තුළ අපට ලබා දෙන වගකීම් භාවිතා කරන බවට ප්‍රතිඥා දෙන්නෙමු. ඉහත සඳහන් සියලු ප්‍රතිඥා ඒ අයුරින්ම ඉටුකිරීමටත් එමෙන්ම රාජ්‍ය නායකත්වය සහ නව රජය මේ සඳහා යොමු කිරීමටත් උපරිමයට එහා ගිය දැවැන්ත ශක්තියක් යොදවන බවට නැවත නැවතත් අභිමානවත් ජාතියක සුජාත පුතුන් ලෙස ප්‍රතිඥා දෙන්නෙමු. මීට විශ්වාසී, විමල් වීරවංශ උදය ගම්මන්පිල”

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*