BREAKING NEWS

පොලිමර් නිෂ්පාදකයෝ කොවිඞ් මර්දනයට එක්වෙති! ඇමති විමල් වෙත PPE කට්ටල 500ක් ප්‍රදානය කරති!

සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීයකරණ කරන්නන්ගේ සංගමය අද (23) සවස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පුද්ගල ආරක්ෂණ (PPE) කට්ටල 500ක් ප්‍රදානය කරනු ලැබීය. ඉදිරියේ දී එවැනි කට්ටල 5000ක් රජය ගෙන යන කොවිඞ් – 19 මර්දනය කිරීමේ වැඩසටහන වෙත පරිත්‍යාග කිරීමට ඉහත සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා එකඟ විය.

මෙම පුද්ගල ආරක්ෂණ කට්ටල තොගය කඩිනමින් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දීමට කටයුතු කරන බව විමල් වීරවංශ මහතා මෙහි දී පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020-04-23

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*