BREAKING NEWS

පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුරයක්…

පොළොන්නරුව දිඹුලාගල- වැලිකන්ද ප්රදේශයේ කර්මාන්තපුරයක් ආරම්භ කිරීම සදහා අවශ්ය කටයුතු වෙනුවෙන් සහ පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ක්රියාත්මක කිරීම පිළිබඳව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සහ ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්ය ව්යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ මැතිතුමා අතර සාකච්ජාවක් අද (03) කොල්ලුපිටිය කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.

පොළොන්නරුව ලක්ෂ උයන කර්මාන්තපුරයේ දෙවන අදියර ලෙස අක්කර 41ක් යොදාගැනීමට නියමිතය. කර්මාන්තපුරයේ පවතින ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව වැඩිදුරටත් මෙහිදී සාකච්ජා කෙරිණි. කර්මාන්තරුවන්ගේ ඉල්ලීම් අනුව කඩිනමින් එම කර්මාන්තපුරය පුළුල් කරමින් දේශීය කර්මාන්තරුවන්ගේ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්ය පසුබිම සකසන ලෙස සහ ඊට සමගාමීව පොළොන්නරුව දිඹුලාගල-වැලිකන්දට කර්මාන්තපුරයට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ජාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, කර්මාන්ත සංවර්ධන අංශයේ අධ්යක්ෂ වින්දික පියරතන, පොළොන්නරුව ප්රාදේශිය ලේකම්, දිසාපති ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-02-03
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*