BREAKING NEWS

බුත්තල කුකුරම්පොළ යපස් නිධිය අපේ රටට සොබාදහම විසින් ලබාදී ඇති අනභිබවනීය සම්පතක්! ඉන් රටට ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා දීම අපේ අපේක්ෂාවයි! – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

බුත්තල කුකුරම්පොළ යපස් නිධිය අප රටට සොබාදහම විසින් ලබා දී ඇති අනභිබවනීය සම්පතක් බවත් මෙරට කර්මාන්ත අමාත්යවරයා ලෙස ඉන් රටට ගත හැකි උපරිම ප්රයෝජන ලබා දීම තම අපේක්ෂාව බවත් කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර, ව්යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(05) කුකුරම්පොළ යපස් නිධිය ආශ්රිත ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

”මීට වසර විස්සකට පමණ පෙර සිට පේරාදෙණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයේ භූගර්භ විද්යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙම බුත්තල කුකුරම්පොළ යපස් නිධිය පිළිබඳව, එහි වටිනාකම පිළිබඳව අධ්යයන වාර්තා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම එම කාලයේ යම් යම් විදේශ ආයතන පැමිණ මෙම නිධිය පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කර ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර තිබෙනවා.

ඒ තොරතුරු අනුව පැහැදිලියි මේ ස්ථානය කියන්නේ ලෝකයේ තිබෙන නොඉඳුල් ප්රතිශතාත්මකව වැඩි යකඩ ප්රමාණයක් ලබාගත හැකි භූමි ප්රදේශයක් බව. මෙය දැනට ගැසට් කොට ඇත්තේ පරිසර අමාත්යාංශය යටතේ. නමුත් ප්රයෝජනයට ගත හැකි පාෂාණමය ප්රදේශයක් මා විශ්වාස කරන හැටියට ගැසට් විය යුත්තේ කර්මාන්ත අමාත්යංශය යටතේයි. කෙසේ වුවත් අධ්යයනයකින් පසුව මා බලාපොරොත්තු වෙනවා අමාත්ය මණ්ඩලයට සංකල්පීය කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරලා මේ පිළිබඳව ප්රතිපත්තිමය එකඟතාවක් අමාත්ය මණ්ඩලයෙන් ලබාගන්න. ඒ වගේම මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පිහිටුවා පර්යේෂණයක් සිදු කර ලැබෙන දත්ත සහ දැනට සොයාගෙන ඇති නිවැරදි දත්ත අනුව ඒ කමිටුව ඉදිරිපත් කරන නිරීක්ෂණ සහ නිගමන අමාත්ය මණ්ඩලයේ අවධානයට යොමු කරන්නත් මා බලාපොරොත්තු වෙනවා

ඒ නිගමන අනුව ඉදිරිපත් කරන දෙවන කැබිනට් පත්රිකාවට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඉදිරි පියවර අප ගන්නවා. මේ සම්පත සොබාදහම විසින් අපේ රටට ලබාදී ඇති අනභිබවනීය සම්පතක්. ඉන් රටට ගත හැකි උපරිම ප්රයෝජනය ගත හැකි ආකාරයට කටයුතු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඇතුළු අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ගෙන කටයුතු කිරීම මගේ අපේක්ෂාවයි”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර, ව්යවසාය සංවර්ධන සහකර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්යතුමාගේමාධ්ය ලේකම්,2020-07-04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*