BREAKING NEWS

බුදු වදන මත පිහිටා රට හමුවේ වන අභියෝගයට මුහුණ දෙමු!

බුදු වදන මත පිහිටා රට හමුවේ වන අභියෝගයට මුහුණ දෙමු!

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට (18) යෙදී තිබේ. ලොව පුරා බෞද්ධ ජනතාව මෙදින උත්සවශ්‍රීයෙන් සමරනු ලබන්නේ දාන, ශීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදුකිරීම, මල් පහන් පූජා ආදී ආමිස පූජාවන්හි ද යෙදෙමිනි.

එහෙත් බුදුන් තෙවරක් වැඩි, බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාව පිහිටි මේ පින් බිමෙහි බෞද්ධ ජනතාවට මෙවර සම්බුදු තෙමඟුල උත්සවශ්‍රීයෙන් සැමරීමේ ඉඩකඩ ඇහිරී තිබේ. ඒ වත්මන් පාලකයන් ඉස්ලාමීය මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බිමක් බවට අප මව් පොළොව පත්කර ඇති හෙයිනි. ඔවුහු සියලු අන්තවාදයට රිසි සේ වැඩීමට ඉඩ දුන් ගෙවී ගිය වසර හතරහමාර තුළ බෞද්ධ සංස්කෘතික උරුමයන්, සම්බුද්ධ ශාසනය වනසාලීමේ විවිධ උත්සාහයන් එළිපිට ද හොර රහසේ ද දියත් කළහ. ඒ වසර හතරහමාරක අවිචාර සමය තුළ චෛත්‍ය ඩෝසර් කෙරිණි, දන්සැල්, තොරණ තහනමට සැරසිණි. පන්සලේ පිංකැටයට ඉබ්බන් වැටිණි. පන්සල් වර්ගීකරණයේ නාමයෙන් නව බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමට වැට බැඳිණි.

මෙම අවිචාර සමයේ අප මුහුණ දෙන බරපතළම අභියෝගය වහාබ්වාදී ත්‍රස්තවාදයෙන් මේ පිං බිම බේරා ගැනීම ය. ඒ සඳහා ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයාගත යුතු ය. එහිදී අපට බුදු වදන් නුවණින් විමසා බැලීමට සිදු වේ.

මරාගෙන මැරෙන මිනිස් බෝම්බකරුවන් නැමති ‘එලය’ නිර්මාණය වීමට බලපෑ ‘හේතුව’ සොයා ගත යුතු ය. ඒ සඳහා සත්‍යය ගවේෂණය කළ යුතු ය. සත්‍යය ඇතැමුනට වේදනාකාරී විය හැකියි. එහෙත් සත්‍ය සොයා යමින් මේ රුදුරු ත්‍රස්තවාදයට මුල් වූ හේතුව අවබෝධ කර ගැනීමම එය පරාජය කිරීමේ මුල් පියවර වනු ඇත. ඒ අවබෝධය ළඟාකර ගැනීමට සිත මෙහෙයවීම සඳහා සුදුසුම මොහොත මෙම වෙසක් දිනය බව මෙරට බෞද්ධ බැතිමතුන්ට අවධාරණය කිරීමට කැමැත්තෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2019.05.18

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*