BREAKING NEWS

මහරගම පමුණුව රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය ඇමති විමල් හමුවෙයි

මහරගම පමුණුව රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර අද (25) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ඉහත රෙදිපිළි නිෂ්පාදක සංගමය තම ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පැන නැගී ඇති ගැටලූ රැසක් ඇමතිවරයා වෙත ඉදිරිපත් කළේය.

දිනෙන් දින ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ආනයනික නිමි ඇඳුම් බදු සහන යටතේ ගෙන්වීම, තත්වයෙන් උසස් ජාත්‍යන්තරයට ගැළපෙන නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂණික දැනුම නොමැතිකම, තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිසි අලෙවි මධ්‍යස්ථානයක් නොමැතිකම ආදී ගැටලු ඒ අතර විය.
ඒවා කෙරෙහි අවධානය යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ඉහත ගැටලුවලට විසඳුම් ලබාදීමට ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන බව මෙහිදී සඳහන් කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*