— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
දැන් එළිදක්වන ලද ”මුළු රටම හරි මගට” ජාතික ප්රකාශනය
“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී
සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.
කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!
“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!
මහින්ද ගැන විමල් මෙතෙක් නොකී කතා දෙකක්’
Posted On
12 May 2019
By :
admin
Comment: 0
මහින්ද ගැන විමල් මෙතෙක් නොකී කතා දෙකක්’
”මුල අමතක අයට මතක් කර දීමට අපට වෙනදා නොකී කාරණා දෙකක් තිබෙනවා. මේක පම්පෝරි ගැසීමක් නොවෙයි. මතක් කර දීමක් පමණයි. පළමු කරුණ විදිහට 2015 ජනවාරි 08 වැනිදා පරාජයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස 2015 ජනවාරි 10 වැනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට ඔවුන්ගේ අවධානය යොමු කරවනවා. එම මාධ්‍ය සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයන් සමඟ මමත් සහභාගි වුණා. එහිදී එක් අයකු කීවා ‘මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණා නොවෙයි. මෙය තාවකාලික පසුබැසීමක් පමණයි. අපි ඔබේ නායකයා නැවත රැගෙන එනවා. බලාපොරොත්තු සහගතව ඉන්න’ කියා. එහෙම කියූ කෙනා මම.
ඒ වගේම 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ රැලිය සංවිධානය කරද්දී සිදු වූ සිදුවීමක් ද සිහියට එනවා. දෙහිවල ධනසිරි නගරාධිපතිතුමා ජෙනරේටරයක් ඉල්ලුව ගමන් ලබා දුන්නා. රැස්වීම් භූමිය එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපතිතුමා ලබා දුන්නා. බොහෝ අය උදව් කළා. හැබැයි රැලියේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සකස් කළ කතාව ඒ මහා ජන ගඟට ඉදිරිපත් කිරීමට කෙනෙක් හිටියේ නැහැ. මම, දිනේෂ්, වාසු, ගම්මන්පිල යන සියලුදෙනා වෙනත් පක්ෂවල අය හින්දා එය ඉදිරිපත් කිරීමට බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුත් ඉදිරිපත් වූයේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටියා දයාන් ජයතිලක මහත්තයාගෙන් එය ඉදිරිපත් කරන්න කියා. ඔහු කිව්වා ‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයටවත් ගිය කෙනෙක් නොවෙයි, මම කොහොමද මේක ඉදිරිපත් කරන්නේ ?’ කියා. නමුත් අවසානයේදී වෙනත් කිසිවකු නැති නිසා ඔහු එය උදව්වක් ලෙස සිදු කළා. අපි මේවා කියකියා යන්නේ නැහැ. නමුත් එදා ඉතිහාසයේ දුෂ්කර අවස්ථාවල ඇතැමුන් කර ඇරියේ එහෙමයි.”
About the Author
Next Story
‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා‘‘ මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවිතුමා කියන කතාව
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ