BREAKING NEWS

මැණික් හා ස්වර්ණාභරණ බලපත්‍ර ගාස්තුවලට අදාල ගැසට්පත්‍රය අද පාර්ලිමේන්තුවට…

මැණික් හා ස්වර්ණාභරණ පනතට අනුව මැණික් පතල් කැණීම ,විකිණීම ඇතුළු ක්රියාවලියට අදාල ගාස්තුවලට අදාල ගැසට් පත්රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

1993 අංක 50 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සාදන ලද, 2020 මාර්තු මස 02 දින පළ කරන ලද අතිවිශේෂ ගැසට් පත්රය මෙසේ සලකා බලන ලද අතර එම ගැසට් පත්රය අද ( 10 ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කර්මාන්ත අමාත්ය ගරු විමල් වීරවංශ ,රාජ්ය අමාත්යවරුන් වන ගරු ලොහාන් රත්වත්තේ සහ ගරු ප්රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස්විය.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ලැබෙන ආදායම 14%ක ආදායම් බද්දෙන් නිදහස් කිරීම සම්බන්ධව මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.මීට පෙර අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකදී ද මේ සම්බන්ධව අවධානය යොමුව ඇතිබව මෙහිදී සදහන් විය.

ශ්රි ලංකා සිමෙන්ති සංස්ථාව, ශ්රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය,ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා ද මෙහිදී අනුමැතිය හිමිවිය.

දඔදෙණිය ප්රදේශයේ ඉහළ ගුණාත්මකබවින් යුතු වටාපත් සපයන පාරම්පරික කර්මාන්තකරුවන් නගා සිටුවීමේ වැදගත්කම පිළිබද පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී අවධානය යොමුකළ අතර අමාත්ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඉදිරියේදී එම ප්රදේශයට පැමිණ ඒ පිළිබද සොයා බලා කටයුතු කරන බවයි. තවද පුත්තලම දිස්ත්රික්කයේ මැටි කර්මාන්තකරුන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබද පාර්ලිමේන්තු මන්ත්රී චින්තක මායාදුන්නේ මහතා අවධානය යොමු කළ අතර ඊට කඩිනමින් විසදුම් ලබාදෙන බව අමාත්යවරයා පැවසීය.

අමාත්යාංශ ලේකම්වරයා ඇතුලු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*