BREAKING NEWS

“මිණිපුරට සෞභාග්‍යයේ අරුණලු” ගෙවුඩ තාප කරණ අධිතාක්ෂණික විදුලි උදුන මහජන සේවයට විවෘත කෙරේ.

‘මිණිපුරට සෞභාග්‍යයේ අරුණලු’ යන තේමාව යටතේ ‘ගෙවුඩ තාප කරණ අධිතාක්ෂණික විදුලි උඳුන’ මහජන සේවයට විවෘත කිරීම අද (11) රත්නපුර මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු කෙරිණි.

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය තම සේවාවන් තවදුරටත් පුළුල් කරමින් මෙම මහජන සේවය අද දින නිල වශයෙන් ආරම්භ කළේය. මෙම අවස්ථාවට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති තිලක් වීරසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත් ගමගේ, එම ආයතන දෙකෙහි අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

මෙහි දී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයෙන් පුහුණුව ලැබූ සිසු සිසුවියන්ට N.V.Q සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*