— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
දැන් එළිදක්වන ලද ”මුළු රටම හරි මගට” ජාතික ප්රකාශනය
“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී
සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…
එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි, ඔබට නිවන් සුව…!
මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.
කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!
“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ජානිපෙ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් පක්ෂ නායක ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…
ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!
මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනත් ජවිපෙ කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක්
Posted On
25 May 2019
By :
admin
Comment: 0
මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනත් ජවිපෙ කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක්
– අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව විමල් කියයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.
“හරියට මීට මාසයකට පෙරයි පාස්කු ඉරිදා දින ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වුණේ. ඒ ප්‍රහාරයෙන් කම්පනයට පත් වූ සමාජයක් තමයි අද වන තෙක් පවතින්නේ. කාදිනල්තුමන් මුණ ගැහිලා, ඒ මාසයකට පෙර සිදු වූ විනාශය පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කළා. ඒ විනාශය එතැනින් එහාට වර්ධනය වීමට ඉඩ නොතබා කාදිනල්තුමන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අපේ ප්‍රශංසාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තා.
ඒ වගේම මේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බිහි කරන වහාබ්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳවත් අපි මේ අවස්ථාවේ කාදිනල්තුමන් දැනුම්වත් කළා.”
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,
ප්‍රශ්නය : රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙනවිත් තිබෙන මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර : මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවාම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව රැක ගැනීම දෙසා බලලයි රිෂාඞ් බදුර්දීන් දෙස බලන්නේ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඞ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඞ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා. පසුගිය කාලය පුරා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට විශ්වාසය පළ කරපු, රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම රැකලා දෙන්න උසාවි ගිය ජවිපෙ එකපාරටම පුදුමාකාර ආණ්ඩු විරෝධියෙක් වෙලා. මෙතැනදී කළේ තුට්ටු දෙකේ වැඩක්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් රිෂාඞ් බදුර්දීන්ට ‘තීරක බලයක්, කේවල් කිරීමේ බලයක්’ ලබා දී වහාබ්වාදී ත්‍රස්තවාදයේ පියවරයකු රැක දීමයි මේ සිදු කළේ.
ප්‍රශ්නය: මෙහෙම කළාම ජවිපෙට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද ?
පිළිතුර: ප්‍රතිලාභය බලාගන්න වෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වැටිලා තිබෙන ගණන කීයද, කියන එකත් සමඟයි. දැන් අනාවරණය වී තිබෙනවා, පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඞ් ඊබ්‍රාහිම් කියලා. ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප්‍රහාරය පිටුපස සිට ප්‍රබලම මූල්‍ය ප්‍රවාහය තමයි මේ ඊබ්‍රාහිම්. මේ ඊබ්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඞ් බදුර්දීන්ගෙත් හිතවතා, ඥාතියා. ඒ නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක්‍රියාත්මක වන්නේ රිෂාඞ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/05/21
About the Author
Previous Story
ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් “අතිකම්පන ප්‍රතිකාරය” හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව
Next Story
ජනපති – අගමැති – විපක්ෂ නායක – දේශපාලන පක්ෂ නායකයින් කඩිනමින් එකතැනකට කැඳවා ‘රටේ අසරණ වූ ජනතාවගේ රැකවරණය’ වෙනුවෙන් නියෝගයක් නිකුත් කරන්න
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ