BREAKING NEWS
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මහාමාර්ග අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කඩුවෙල ආසනයේ නවගමුව සහ බටේවෙල ග්‍රාමසේවා වසම් යා කරමින් නවගමුව පාසල අසළ සිට කැකිරිදෙණිය දක්වා කි.මී 1.2ක දිගකින් යුත් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම අද(22) කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් ආරම්භ විය.

මොරටුව ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ මොරටුව ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (08) මොරටුව USK උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජානිපෙ හෝමාගම ආසනයේ සංවිධායක, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, මොරටුව ආසන සංවිධායක සුරේෂ් ඉන්දික ඇතුළු වසම් සංවිධායකවරු සහ ක්රියාකාරී සාමාජික සාමාජිකාවෝ සියලුදෙනා සහභාගී වූහ.

About the Author

Leave a Reply

*