BREAKING NEWS

මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට අග්‍රාමාත්‍යතුමන් සමග ඇමති විමල් එක් වෙයි

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග අද 2020.10.02 දින කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා ද එක්විය.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.
ශ්රී ලංකාවට වාර්ෂිකව ඹෟෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඹෟෂධ නිෂ්පාදන මධ්යස්ථානය මඟින් ඉදිරියේදී එම දේශීය අවශ්යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.
සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනයට සමඟාමීව දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්යස්ථානය ඔස්සේ ඉදිරියේදී විදේශීය ඇණවුම් සඳහා ඖෂධ නිෂ්පාදනය ද සිදු වේ.

මෙම අවස්ථාව සඳහා අමාත්යවරු වන බන්දුල ගුණවර්ධන, පවිත්රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, රාජ්ය අමාත්ය චන්න ජයසුමන, හේමාස් සමූහ ව්යාපාරයේ සභාපති හුසේන් යුසුක් අලි, මොරිසන් පී.එල්.සී. ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ මුරතාසා යුසුක් අලි මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*